පෙරළුණු බෝට්ටුවේ වැඩියෙන් සෙනග ඇදලා


සණස බැංකුවේ පස්දෙනෙකුට මරු කැඳවූ බේරුවිල බෝට්ටු අනතුර සම්බන්ධයෙන් සැකපිට දෙදෙනෙක් බේරුවල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. බෝට්ටුකරු ද ඒ අතර වෙයි. අධික ලෙස සෙනඟ පැටවීම හා ජීවිතාරක්ෂක කබා එහි ගිය අයට නොදීම එසේ අත්අඩංගුවට ගැනීමට හේතුවයි. පෙරළුණු බෝට්ටුවේ 13දෙනෙකු ගමන්ගෙන ඇතැයි පොලීසිය කියයි.