පෙරටුගාමීහු පොලිසියට දොස් කියති


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමජිකයන්ට ජනතා විමුක්ති පෙරමුණ වසරක් ඇතුළත පහරදීම් 23කට වඩා සිදු කර ඇතත්, පොලිසිය කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නැතැයි එම පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී චෝදනා කළේය. ජනතා විමුක්ති පෙරමුණ මෙසේ පහර දෙනුයේ පොලිසියේ ද පූර්ණ ආශිර්වාදය ඇතිව යැයි නාගමුව මහතා කීය. වමේ දේශපාලනය යනු ජවිපෙ බුදලයක් නොවන බව කී හෙතෙම, මෙම විෂම ක‍්‍රියාවන්ට දායක නොවන්නැයි ජවිපෙ සියලූ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද කීවේය.