පෙම්වතා මිතුරන් සමග පෙම්වතිය කෙළෙසයි
අනුරාධපුරපුරයේ ඇඟළුම් කම්හලක ආරක්ෂක නිලධාරිනියක ආලංකුලමේ හෝටලයකට රැගෙන ගොස් මත්පැන් පොවා කෙළෙසී යැයි කියන හෝටල් කළමනාකරුවකු ඇතුළු පස් දෙනෙක් අනුරාධපුර මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය විසින් ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. පරණ බස් නැමතුම් පොළේ සම්පත් ටේලර්හි එච්.ඒ. සමිත්, ආලංකුලම ගාධ්‍ය හෝටලයේ කලමනාකරු පී.එම්. ඉසුරංග, පෙරිමියන් කුලමේ ඒ.එම්. රුක්මන් සමන්ත විජේවර්ධන, එස්. දිලිප් චතුරංග, පී.ඒ.එච් මහේෂ් චතුරංග ඔවුහුය. ඇඟළුම් සේවිකව රෙදි මසන්නාගේ පෙම්වතිය බවත් ගෙදර සාදයක් බව කියමින් ඇය හෝටලයට කැඳවා සමූහ වශයෙන් කෙළෙසා ඇති බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.

