පැය තිහකට අධික කාලයක් දඹුලු බස් නැවතුම්පොළ ඉදිරිපිට මාර ගසකට නැඟ සිටි පෙදරේරු ඉන්දික කුමාර ගස උඩදීම ක්ලාන්ත වී ගසේ තෙබලයේ වැටී සිටීයදී නගර සභා සේවකයින් ලවා ඔහු බිමට ගෙන ඇත.
ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් හා දඹුලු පුරපති ජාලිය ඕපාත යන මහත්වරු ඔහු බැලීමට ගොස් සිටියහ.
අද (13) උදේ ඔහුගේ බිරිය එහි ගොස් ගසෙන් බසින්නැයි කීවද ඔහු එය පිළිගත්තේ නැත.
ගසින් බිමට ගත් ඔහු දඹුලු රෝහලට ඇතුළු කරනු ලැබීය.