
(යොහාන් භාසුර)
ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000 ක ප්‍රමාණයක් රැගත් නෞකාවකින් පෙට්‍රල් ගොඩබෑම ඊයේ (30) රාත්‍රී ආරම්භ කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල පැවති තදබදය මේ වන විට අවසන් කර ඇති බවත් දිනකට ඩීසල් මෙට්‍රික්ටොන් 4000 ක් සහ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 3000 ක් නිකුත් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

