පෙට්‍රල් පෝලිමේ සිටි තිදරු පියා මරුට


( සුමිත් පොතුපිටිය) 

පාණදුර වෑකඩ ඉන්ධන පිරවුම්හලේ ඊයේ රාත්‍රී සිට පෙට්‍රල් ලබාගැනීම සඳහා පෝලිමේ රැඳී සිටි ත්‍රිරෝද රථ රියදුරකු අද (16) අලුයම හදිසියේ මියගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ පානදුර , හිරණ,  විසල් උයන ප්‍රදේශයේ පදිංචිව සිටී මුතු තන්ත්‍රිගේ සුගත් ප්‍රනාන්දු නමැති 53 හැවිරිදි තිදරු  පියකු බව පැවසේ.