- අංගොඩ කැලණිමුල්ලේ කැලණි ගඟ අසබඩ ලඳු කැලෑවකින් නාඳුණන පුද්ගලයකුගේ සිරුරක් සොයා ගත් බව පොලිසිය පවසයි. හිසේ පමණක් තුවාලයක් දක්නට ඇත.
- කල්පිටිය පලාවිය පාරේ පාළු ළිඳකින් ගොඩ ගත් කළු පැහැ බෑගයක නරක් වූ මළ සිරුරක් සොයා ගත් බව කල්පිටිය පොලිසිය කියයි. සුදු පැහැ මෝටර් රථයකින් කළු බෑගය ළිඳට දමන්නට ඇතැයි ධීවරයකු පොලිසියට කියා ඇත.
- කොරලියකු උගුරේ හිරවී තංගල්ලේ ධීවරයකු මිය ගියේය. දඟලමින් සිටි කොරලියාගේ කරමල කටින් අල්ලාගෙන සිටියදී කොරලියා උගුරේ හිරවී ඇත.
- බොරැල්ලේ කිච්චි නම් පුද්ගලයකු (43) රුපියල් ලක්ෂ දහයක හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.