පුල්ලි පැටියා කන්න නැතිව මැරේ


වව්නියාව කුරුමන්කාඩුවේ ව්‍යාපාරිකයකුගේ නිවසකින් මාස තුනක පමණ වයසැති කොටි පැටවකු සොයාගත් බවත්  දින ගණනාවක් නිරාහාරව සිටි එම කොටි පැටවා අද (29) උදේ මිය ගිය බවත් වව්නියාව වනජීවී අඩවි ආරක්ෂක එන්.ඩී.ලයනල් මහතා කියයි.

මෙම කොටි පැටියා විකිණිමට ගෙන එන්නට ඇතැයි පොලීසිය සැක කරයි. දම්වැල්වලින් ගැටගසා සිටි කොටි පැටවා වද හිංසා වලට ලක් වී ඇතැයිද ඔහු පැවසීය.

කෑම නැතිකමින් කොටි පැටවා මිය ගිය බව පශු වෛද්‍ය නිලධාරී  බී ගිරිධරන් මහතා කියයි. ලෝකයේ කොටි උප විශේෂ නමයක් හඳුනාගෙන ඇත. ඉන් ශ්‍රී ලංකාවේ වනාන්තරවල දක්නට ලැබෙන කොටියා පැන්තරා පාඩුස් කොටියා ලෙස සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වයි. එම සත්ත්ව විශේෂය වඳවීයාමේ තර්ජනයට මුහුණ දී ඇතැ ලෝක සංරක්ෂණ සංගමය කියයි. මියගොස් ඇත්තේ එවැනි සතෙකි.

fff2