පුරා විදු බිමේ සූදු ගල් කඩන්න බෑ
ගල්කිරියාගම පුරාවිද්‍යා රක්ෂිතය ද පිහිටි නිසල ආරණ්‍ය සේනාසනයේ සූදු ගල් අපනයනය කරන බී.ටී.සී ඉතාලි සමාගමට එරෙහිව කැකිරාව මහේස්ත්‍රාත් දර්ශන ද සිල්වා මහතා ලබන 14 වැනි දා තෙක් අතුරු තහනමක් නිකුත් කෙළේය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා පතල් කැනීම් කාර්යංශය 1992දී පුරාවිද්‍යා අවසරයකින් තොරව එහි ගල් කැඩීමට ඉතාලි සමාගමට අවසරදී ඇත. මේ ප්‍රදේශය පුරාවිද්‍යා රක්ෂිතයක් කැර ඇත්තේ 2011.9.9 වැනි දාය.ආරණ්‍ය සේනාසනයේ කටාරම් සහිත ගල්ලෙන් 13කි. එහි පුරාවිද්‍යා ස්මාරක වලට දැනටම දැඩි හානි සිදු වී ඇත.

