(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
ඉදිරි දිනයේදී පුදුම හිතෙන සාක්කිකරුවෙකු බැඳුම්කර කොමිසමට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය බැඳුම්කර කොමිසමට අද (20) දැනුම් දුන්නාය.
බැඳුම්කර කොමිසමේ දිනය අදාළ කටයුතු අවසන් කිරීමට සුදානම් වීමේදී ඒ බව දැනුම් දුන් අවස්ථාවේදී කොමිසම ඇමතූ කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී.චිත‍්‍රසිරි මහතා මේ වන විට අදාළ පුද්ගලයාගේ සාක්කි සටහන් කර ගනිමින් සිටින හෙයින් ඔහුගේ නම නොදන්නේ යැයි පැවසීය.

