පුත්තලමේ නියං


පුත්තලමේ කුඩා ප්‍රමාණයේ වැවි සහ ජලාශ රැසක ජලය සිඳී යමින් පවතින අතර බීමට ජලය ලබා ගන්නා ළිං වල ජලය ද සිඳීයමින් තිබෙන බව ජනතාව පවසති.

පසුගිය වසරේ ද පුත්තලම දිස්ත්‍රික්කය පුරා පැවැත් නියං තත්ත්වය හේතුවෙන් ජනතාව ලක්ෂ තුනකට වැඩි පිරිසක් පීඩාවට පත්ව තිබූ අතර පොල් ඇතුළු බෝග වගාවන්ට ද නියඟයෙන් තර්ජනය එල්ලවී විශාල ලෙස හානි සිදුව තිබුණි. පුත්තලම, ආණමඩුව, නවගත්තේගම, මුන්දලම, මහකුඹුක්කඩවල, වනාතවිල්ලුවට නියඟය උග්‍රවී ඇත. වැව් ඇමුණු රැසක් සිඳිගොස් ඇත. පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ ප්‍රධානි කර්නල් එස්.කේ. රණවීර මහතා කීය.

මෙම නියං තත්ත්වයට සම්බන්ධ ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතා සමග සාකච්ඡා කර දැනට  පානීය ජලය අවශ්‍ය ප්‍රදේශවල ලබා දීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට ආපදා කළමනාකරණ අමාත්‍යංශයට දන්වා යවා තිබෙනවා.'