පුංචි සිසුවා ජිවිත 15ක් බේරාගනී
ඇමෙරිකාවේ වොෂින්ටන් නගරයේ මිල්ටන් පාසල වෙත සිසුන් පිරිසක් රැගෙන යමින් තිබූ පාසල් බස් රථය ධාවනය කළ රියැදුරුට හදිසියේ හෘදයාබාදයක් ඇතිවිය. ඒ සමග බස්රථයේ පාලනය ඔහුගෙන් ගිළිහී ගියේය. ජෙරමි වුට්ස්චික් සිසුවා විගස බස්රථයේ පාලනය තමා අතට ගෙන ඇන්ජිම ක්‍රියා විරහිත කිරීමෙන් සිසුන් පහලොස් දෙදෙනකුගේ ජිවිත බේරා ගත්තේය. බස්රථයේ තිබූ ආරක්ෂිත විඩියෝ කැමරාවෙන් පටිගත වූ එම දර්ශනය මාධ්‍යය ට නිකුත් විය.

