පහුගිය කාලේ එක දිගට තරගෙට වගේ අපේ නිළියො විවාහ වෙන්න පටන් ගත්තා. ඒ තරගය තාමත් ඉවර වෙලා නෑ වගෙයි. ඒත් එහෙම විවාහ වුන අය ඒ තරගෙන්ම අම්මල වෙන්න නම් උනන්දු නෑ වගෙයි පේන්නේ.... කීප දෙනෙක් විතරයි අම්මලා වුණේ ඒ එක වාසනාවන්ත අම්මා කෙනෙක් තමයි ඕෂධී හේවාමද්දුම. ඕෂධීත් එක්කයි අද අපි කතා කරන්නේ.
ඕෂධී අම්මා කෙනෙක් වෙලා දැන් කොච්චර කල් වෙනවද?
‘‘අවුරුදු දෙකයි මාස අටයි....’’
ඔයාගෙ ජීවිතේ සුන්දරම කාලෙ ඔයා අම්මා කෙනෙක් වෙන්න කලින් ද.... නැත්නම් අම්මා කෙනෙක් වුණාට පස්සෙ කාලෙද....?
‘‘මට හිතෙනවා මගෙ ජීවිතේ හැම දවසක්ම සුන්දරයි කියලා. ඒ අතරේ වඩාත් සුන්දර දවසුත් තිබුණා. ප‍්‍රදීප් මගේ පෙම්වතා වුනහම මට හිතුණා ඒ තමයි මගේ ජීවිතේ සුන්දරම කාලෙ කියලා. අපි දෙන්නා විවාහ වුනාට පස්සෙ හිතුණා ඒ ජීවිතේ ඊටත් වඩා සුන්දරයි කියලා. පුතා ඉපදිලා මම අම්මා කෙනෙක් වුනාට පස්සෙ දැන් හිතෙනවා මේ තමයි මගේ ජීවිතේ වඩාත්ම සුන්දර කාලෙ කියලා’’

පුතා ඉපදුන දවස කියන්න....?
‘‘2012 ඔක්තෝබර් 24’’
පුතාගෙ නම?
‘‘සස්නිත තිවාන් බුලත්සිංහල’’
පුතා කොහොමද....?
‘‘අනේ එයා හරිම දඟපැටියෙක්. ඒ වගේම හරිම හුරතල්. දැන් කතා කරන වයසනෙ ගිරවා වගේ කතා කරනවා. එක එක දේවල් කරලා අපිව හිනාගස්සන්න හදනවා. එයාගෙ හුරතල් වැඩවලින් තමයි දැන් අපේ ගෙදර ඉතිරිලා යන්නේ’’
පුතාගේ ඒ දඟකාරකම්වලට ඔයා කැමතිද....?
‘‘මම කැමතියි. එයා ගෑනු දරුවෙක් නෙමෙයිනෙ පිරිමි දරුවෙක්නෙ. කොල්ලො මල් වගේ ශාන්ත දාන්තව ඉන්න හොඳ නෑ. ඔය පුංචි දඟකාරකම් තමයි කවදහරි එඩිතරකම් වෙන්නේ’’
ඕෂධිගෙ කාර්ය බහුලත්වයත් එක්ක කොහොමද පුතාගෙ වැඩකටයුතු කරගන්නේ....?
‘‘මගෙ අම්මයි තාත්තයි දෙන්නා අතින් තමයි පුතාගෙ බොහෝ දේවල් සිද්ධවෙන්නේ. මම හිතනවා මගේ අම්මයි තාත්තයි දෙන්නගෙත් ජීවිතේ සතුටින්ම ගෙවෙන කාලෙ තමයි මේ කාලෙ. ඒ තරමට එයාල අපේ පුතා නිසා සතුටින් ඉන්නෙ. ප‍්‍රදීප්ගෙ නැන්දත් ඒ වැඩවලට උදව්කරනවා’’
ඒ කියන්නෙ පුතාගෙ වැඩ එයාලට බාරදීලා ඔයා පැත්තකට වෙලා ඉන්නවා කියන එකද....?
‘‘අනේ නෑ.... මගේ ව්‍යාපරික හා කලා කටයුතුත් එක්ක මම හැම තිස්සෙම ගෙදර නෑනේ.
මම ගෙදර ඉන්න වෙලාවට පුතාගෙ හැම කටයුත්තක්ම සිද්ධවෙන්නෙ මගේ අතින්. මම ගෙදර ඉන්නවනම් එයත් ඉතින් නැට්ට වගේ පස්සෙන්ම තමයි’’
පුතා වැඩිපුර එකතු ඔයාටද.... ප‍්‍රදීප්ටද....?
‘‘පුංචිම කාලෙ එයා මට වඩා ප‍්‍රදීප්ට එකතුයි. දැන් ප‍්‍රදීප්ට වඩා මට එකතුයි’’
පුතාගෙන් ඔයා දකින විශේෂතා මොනවාද....?
‘‘මගේ පුතා මට මැණිකක්නෙ. ඒ නිසා කියනවා නෙමෙයි පුතා හරි දක්ෂයි. ඕන දෙයක් ඉක්මනට පුරුදු වෙනවා. හොඳට මතක හිටිනවා. ඒ වගේම තමයි එයා හරි පරිත්‍යාගශීලියි කියලත් හිතෙනවා. බිස්කට් එකක් කන්න දුන්නොත් ළඟ ඉන්න අයට බෙදලා තමයි එයා කන්නේ’’
පුතා ගැන ඔයාගෙ හිතට ලොකු සතුටක් දැනුන දවසක් කියන්න....?
‘‘එයාට අකුරු කියවපු දවසෙ.. එයා හරියටම නැකතටම වරද්දන්නෙ නැතිව අකුරු කිව්වා.. එදා මට ලොකු සතුටක් දැනුනා.’’
ඒ වගේම හිතට මහා බයක් දැනුන දවස් එහෙමත් තියෙනවද....?
‘‘ඒ වගේ දවස් නම් දෙකතුනක්ම තියෙනවා. එයාට හරියට ඇවිදින්න බැරි කාලෙ දවසක් අපි එයාව වෝකර් එකේදාලා උඩ තට්ටුවෙ ඉද්දි අපි දන්නේ නෑ පුතා වෝකර් එකේ පඩිපෙල ළඟට ගිහින් පඩි හත අටක් පල්ලෙහට වැටුණා. ඒක දැකපු මට යටිගිරියෙන් කෑගැහුනා. හොඳ වෙලාවට ඔළුව බිම වැදිලා තිබුණෙ නෑ. ඒ සිද්ධිය දැන් මතක් කරද්දිත් මගේ ඇඟ ගැහෙනවා’’
පුතා දැන් මොන්ටිසෝරි යනවද....?
‘‘නෑ... තවම නෑ... දැන්ම මොන්ටිසෝරි දාන්න අදහසකුත් නෑ අම්මායි තාත්තයි දෙන්නා ගෙදර ඉන්න නිසා ඉගෙන ගන්න ඕන දේවල් තාත්තා කියලා දෙනවා. මේ වයසෙදි එයා එයාගෙ ලෝකේ ජීවත්වුනාවේ.
පුතා අම්මා වගේලූද.... නැත්නම් තාත්තා වගේලූද....?
‘‘ඉස්සර නම් ගොඩාක් අය කිව්වෙ... තාත්තා වගේ කියලා. ඒත් දැන් අපි දෙන්නා වගේමලූ. නිකට නම් මගේ වගේමයි.’’
ඔයාගෙ අම්මයි තාත්තයි දෙන්නා පුංචි පවුල රත්තරන් කියන්න ඔයාගෙන් නතර වුණා වගේ ඔයාලත් පුංචි පවුල රත්තරන් කියන්නද හිතාගෙන ඉන්නේ....?
‘‘අනේ නෑ.... අනේ නෑ.... පවුලෙ එක දරුවෙක් වුණාම එයා අත්විඳින අත්දැකීම් මම හොඳට විඳලා තියෙනවා. මොන සැප සම්පත් තිබුණත් ඒ තනිකම මකන්න බෑ. කවදාවත් පවුලක දරුවෙක් තනිවෙන්න දෙන්න හොඳ නෑ. ඒ නිසා මමයි ප‍්‍රදීපුයි දෙන්න නම් පුංචි පවුල රත්තරන් කියාගන්න හිතලා නෑ. මගේ පුතාගේ තනියට තව කවුරුහරි එයි.


