(මොනරාගල කේෂර ගුණතිලක)
පළාත් පාලන ඡන්දය පවත්වනනේ නැතිනම් ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කිසිදු සහයෝගයක් ලැබෙන්නේ නැතැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා බදුල්ල මැදගම නන්නපුරාවේදී අද (2) පැවැසීය.
ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ සහභාගීත්වයෙන් හෙට (3) පැවැත්වෙන සාකච්ඡාවේදී, ඒකාබද්ධයේ සියලුම මන්ත්‍රීවරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන අනුකමිටුවලින් ඉල්ලා අස්වීමට තීරණයක් ගන්නා බව ද හිටපු ජනාධිපතිවරයා කීවේය.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී රජය පරාජයට පත් කරමින් ඒකාබද්ධ විපක්ෂය විශිෂ්ට ජයක් ලබන බව දන්නා නිසා විවිධ හේතු ඉදිරිපත් කරමින් රජය පළාත් පාලන මැතිවරණය දිනෙන් දිනම කල් දමන බවත් මෙම රජයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ජනවරමක් නැති බවත් කීවේය.
පෙඩරල් ව්‍යවස්ථාවක් සම්පත කර රට බෙදාවෙන් කිරීමට ක්‍රියාකරන බව ද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු රටේ ජනතාවගේ එකඟතාවයක් ඊට නොලැබෙන බව ද ඔහු පැවැසුවේය.

