පීසී තුන්දෙනා රිමාන්ඩ්


තලවතුගොඩ මාදිවෙල පාරේ රාත්‍රී සමාජ ශාලාවකට හා සුපිරි වෙළෙද සැලකට අලාභ හානි කළැයි සැකපිට පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා විසින් ලබන පළමු වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

මිරිහාන පොලිසියේ ලක්මාල් හා චාමර සම්පත් ද, තලංගම පොලිසියේ උදය කුමාර ද එම තිදෙනා ය.