මාර්ග වැරදි කරන රියදුරන්ගේ බලපත්‍රය වෙනුවට නිකුත් කැරෙන තාවකාලික අවසර පත්‍ර පොතකින් අනවසරයෙන් අවසරපත් නිකුත් කළ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සෙවීමට දෙමටගොඩ පොලිසිය බදුල්ලේ ද පරීක්ෂණ අරඹා ඇත.
මාස හයකට පෙර මේ පොත නැති වූ බවත්, එහෙත් මාරු වී ගිය කොස්තාපල්වරයකුගේ අත්සනින් මෑතදී එම පොතෙන් නිකුත් කළ අවසර පත්‍රයක් සොයා ගැනීමත් සමග පරීක්ෂණ ඇරැඹිණි.
මෙම අවසරපත් වෙනුවෙන් මුදල් ලබා ගන්නට ඇත්දැයි කියන සැකයක් ගැන ද පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.