(ඩයනා උදයංගනී)
දින කිහිපයක් තිස්සේ ඇද හැලූණු මහ වැසි හේතුවෙන් දිවයිනේ දිස්ත‍්‍රික්ක 9කට බලපා ඇති ගං වතුර, සුළං, නායයෑම් හා අකුණු අනතුරු සහිත අයහපත්තත්ත්වය හේතුවෙන් පවුල් 20,817කට අයත් 80,014 දෙනෙක් පීඩාවට පත්ව සිටින ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙයින් අවතැන් වූ පත් පවුල් 3,696කට අයත් 14,899 දෙනෙක් ආරක්‍ෂිත ස්ථාන 42ක රදවනු ලැබ සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
දකුණු පළාතේ ගාල්ල, මාතර, හම්බන්තොට, බස්නාහිර පළාතේ කළුතර, කොළඹ, ගම්පහ, මධ්‍යම පළාතේ මහනුවර, සබරගමුව පළාතේ කෑගල්ල සහ උතුරු පළාතේ වව්නියාව දිස්ත‍්‍රික්කයන්හි මෙම ආපදා තත්ත්වය මතුව තිබේ.
මෙම ආපදා තත්ත්වයෙන් එක් මරණයක්ද වාර්තා වී ඇති අතර හය දෙනෙකු තුවාල ලබා ඇත. එමෙන්ම මෙම දිස්ත‍්‍රික්කයන්හි නිවාස 30ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාස 821කට අර්ධ හානි සිදුව තිබේ.

