පී.එච්.අයි. විරෝධයට ලොකු දොස්තරත් එයි.


ඩෙංගු මර්ධනයට ගොස් සිටියදී මෝල්ගස් පහරින් මහජන සෞඛ්‍ය පරීක්‍ෂක මොහොමඞ් පලීල් මහතා මරාදැමීම හෙලා දකිමින් ත‍්‍රීකුණාමල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් නගරයේ පැවැත්වූ පැයක විරෝධයට නැගෙනහිර පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂ දොස්තර එම්.දේවරාජන් ද හෙදියෝ ද පවුල් සෞඛ්‍ය සේවිකාවෝ ද එක්වූහ.