පිළියන්දල වෙඩි තැබීමට සැකපිට තව දෙදෙනකු අත්අඩංගුවට


(ඉන්දිකා රාමනායක)

වැටලිමකට ගිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමකට පිළියන්දලදී වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම අපරාධය සිදුකිරිමට කුමන්ත්‍රණය කිරිම, එයට ආධාර අනුබල දීම  යටතේ මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා  වයස අවරුදු 57  -31 යන වයස්වල  පසුවන්නන් බවත් ඔවුන් කැස්බෑව හා පිළියන්දල ප්‍රදේශවල  පදිංචිකරුවන් බවද පොලිසිය කියයි.
සැකකරුවන් අද(30) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.