පිළියන්දල නිවසක් පිටුපස බෝම්බයක්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පිළියන්දල ජඹුරලිය ආයුර්වේදය ආසන්නයේ ඉදිකරමින් පවතින තෙමහල් නිවසක පිටුපස බැකෝ යන්ත්‍රයකින් කාණුවක් කැපීමේදී අත් බෝම්බයක් සහ පැරාවක ආවරණයක් සොයාගෙන ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.

විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයට මේ බව දැනුම්දී කටයුතු කරන බව පොලිසිය පැවසීය.