පිසීට පහර දී ගිනි අවියත් පැහැර ගනී


සපුගස්කන්ද කොට්ටුන්නේදී  වැටලීමකට ගිය පොලිස් කොස්තාපල්වරයකුට පහර දී ගිනි අවියද පැහැරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.

මුලින් එම පෙදෙසට පොලිසියෙන් දෙදෙනකු යැවු බවත් පසුව තවත් දෙදෙනකු යැවු බවත් මේ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.