පිල්ලේට පේන්න උතුරේ උද්ඝෝෂණ


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව අයිතිවාසිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදන් පිල්ලේ යාපනය දිසත‍්‍රීක්කයට පැමිණෙද්දී යාපන වැසියෝ  යාපන දිසාපති කාර්යාලය හා මහජන පුස්තකාලය අසල උද්ඝෝෂණයක් පැවැත් වුහ.

යුද්ධය නිසා  උතුරේ අතුරුදන් වූවන් හා පැහරගෙන ගියවුන් සොයා දෙන ලෙසත් නැවත පදිංචි වුවන්ට ඔවුන්ගේ ඉඩම් නැවත ලබා දෙන ලෙසත් යුද්ධයෙන් ජීවිත හා නිවාස අහිමි වූවන්ට වන්දි ලබාදෙන  ලෙසත් උද්ඝෝෂකයෝ කීහ.  

අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමේ සංවිධානය හා යුද්ධයෙන් මියගිය හා අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ එකමුතුව උද්ඝෝෂණ සංවිධාන කළේය.

නවනීදන් පිල්ලේ පැමිණෙන මාර්ගයෙහි උද්ඝෝෂකයින් රැදී සිටියද ඔවුන්ට ඇය හමු වීමට අවස්ථාවක් ලැබුණේ නැත.