එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිනී නවනීදන් පිල්ලේ නිල සංචාරයක් සදහා ලබන මස විසිපස් වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ලංකාවට එන බව කියමින් ඇය මීට පෙර කිහිප වරක්ම සිය ගමන කල් තැබුවාය.
යුද සමයේදී ශ්‍රී ලංකා රජය මානව හිමිකම් උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි නවනීදන් පිල්ලේ චෝදනා කරයි.එම මානව හිමිකම් කඩවීම් විමර්ෂණය කිරීමට අන්තර්ජාතික කමිටුවක් පත්කිරීමට අවශ්‍යවේ යන්න ඇය සෑම සභාවාරයකදීම පාහේ සදහන් කරන කරුණකි.
ඇය නඟන චෝදනා පදනම් විරහිත බව පවසන ශ්‍රී ලංකා රජය ඇයගේ සංචාරයේදී සියලූ ජනවර්ග වලට සම තැනක් ලබාදෙමින් වැඩකටයුතු කෙරෙනා ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය ඇයටම දැක බලා ගත හැකිවේයැයි විශ්වාසයෙන් සිටී.

