පිල්ලෙගෙ අය හමුවේ මල්ලක චෝදනා
උතුරේ ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් දීම පමා කරතියි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නවනිදන් පිල්ලේ කොමසාරිස්වරියගේ නියෝජිත හැනී මෙගැල්ලි සමග දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් මන්තී‍්‍ර පැවසීය.
මාවෙයි සේනාධිරාජා, සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්, චෙල්වම් අඩෙයිකලනාදන්, පී. සෙල්වරාජා හා එම්. සුමන්දිරන් මහත්වරුද ඔහු සමඟ වූහ.
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිත සුබිනේ නැන්ඩි විසින් නිකුත් කැරුණු ප‍්‍රකාශයේ මෙසේ දැක්වේ.
වලිකාමම් හා සාම්පුර්හි තවමත් පදිංචි විය නොහැකි බවද හමුදාව ඔවුන්ගේ ඉඩම්වල සිටිතියිද කී ඔහු අත්පත්කර ගත් ඇතැම් ඉඩම්වල සිංහලයන් පදිංචි කරවන බවද දෙමළ ජනයාට ඔවුන්ගෙන් ආගමික හා සංස්කෘතික ස්ථාන අහිමි කරන බවද උතුරු නැගෙනහිර ජන සංයුක්තිය වෙනස් කරන්නට තැත් කරන බවද දෙමළ නියෝජිතයෝ එහිදී මැසිවිලි නැඟූහ. උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ නිර්දේශ හා එක්සත් ජාතිකයන්්ගේ මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ශ්‍රී් ලංකා රජය කි‍්‍රයාත්මක නොකරන බවද ඔවුහු කීහ.

