පියාඹන මාළුවෝ විරෝධයක්


සංජීව පුෂ්පකුමාර විසින් නිර්මාණය කැරුණු  පියාඹන  මාළුවෝ චිත්‍රපටය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ චිත්‍රපට උළෙකදී  ප්‍රදර්ශනය කිරීමට විරෝධය පළ කරමින් කොළඹ නගර ශාලාව අසල සිට බාන්ස් පෙදෙසේ ප්‍රංශ තානාපති කාර්යාලය දක්වා උද්ඝෝෂණයක් ඇරැඹූහ.

මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය අවසර දී තිබිණි.

යුද හමුදාවට අවමන් කැරෙන දර්ශන එහි ඇතැයි ද නිෂ්පාදකට එරෙහිව නඩු පවරන්නේයැයි ද ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසයි.

මේ උද්ඝෝෂණයට ජාතික ධජය අතින් ගත් ආබාධිත රණවිරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටිති.