පහේ ශිෂ්‍යත්වයෙන් සමත් දකුණේ පාසලක දැරියක සිය පියාගෙන් අපුරු තෑග්ගක් ඉල්ලා ලියුමක් ලියා මවට දුන්නාය.
පියා කකුලක ආබාධයකට රෝහල්ගත වී සිටි පියා බැලීමට ගිය මව එම ලිපිය ඔහු අතට පත් කළාය.
ලිපිය කියවු පියා අඩන්නට විය.වාට්ටුවේ සිටි අය ඔහු අඩනු දුටහ. බොහෝ දෙනා ඊට හේතුව ඔහුගෙන් ඇසුහ.
වාට්ටුවේ වෛද්‍යවරු හා හෙදියෝද ඊට හේතුව ඇසුහ. දැරියගේ ඉල්ලීම දැරියගේ වචනවලින්ම මෙසේය.
‘තාත්තේ මට ලකුණු 172 ක් ලැබුණා.මම විභාගයෙන් පාස්, මට පොරොන්දු වෙන්න ඕනෑ තාත්තා මීට පස්සේ කවදාවත් බොන්නේ නෑ කියා.මගේ තාත්තාට සම්මා සම්බුදු සරණයි.’