පියනම පල්ලියේ ඉඩම හොරෙන් විකුණයි
ප්රැන්සිස්කන් නිකායේ සිමේ නිමැක් (34) පිය නම ක්‍රොඒෂියාවේ පල්ලිය සතු වර්ග මීටර් 43,000ක ඉඩමක් යුරෝ දස ලක්ෂයකට (රුපියල් කෝටි 17.2කට) පල්ලියට හොරෙන් පෞද්ගලික සමාගමකට විකුණා විවාහක ගැහැනියක හා රටින් පැනගිය බව ද ස්ටර් පුවත්පත කියයි.
සුඛෝපභෝගී ඇඳුම් හා භාණ්ඩවලට ලොල් වූ මේ පියනම සමග පැන ගිය තරුණ කත බැංකු සේවිකාවකි. මේ නීති විරෝධී ගනුදෙනුව අවලංගු කිරීම සඳහා ඔහු අයත් නිකාය නඩුවක් පවරා ඇත.
නිමැක්ගේ ලෝගුව ගැලැවීමට පල්ලිය තීරණය කැර සිටියදී මේ සිද්ධිය වාර්තා විය. ක්‍රෝඒෂියාවේ හාරකෝටි විසි ලක්ෂයක් වන ජනගහනයෙන් සියයට 90ක්ම රෝමානු කතෝලිකයන්ය.

