හය මාසයක ගවේෂණයකින් පසු හිරියාලේ හිරිපිටියේ කළුගලක් විද අඩි 206 ගැඹුරේ දී ජල දරයක් මතු කැරගත් බවත් මිනිත්තුවට ලීටර් හාරදහසකට වැඩි ජල ප්‍රමාණයක් ඉන් නිකුත් වන බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණඩලයේ කුරුණෑගල ජල භූ අංශයේ ජ්‍යෙෂ්ඨ ජල භූ විද්‍යාඥ උපුල් වික්‍රමරත්න මහතා කියයි. සියල්ල නිසි පරිදි සිදුවුවහොත් හිරියාල ජල සැපයුමට මෙම ජල දාරය හා ඒ අසල කැනීමට නියමිත තවත් ළිං ප්‍රයෝජනයට ගැනෙනු ඇත. එහි වතුරේ ස්වභාවය ද හොඳ බවත් එහෙත් තවත් පරීක්ෂණ කැරගෙන යන බවත් වික්‍රමරත්න මහතා පවසයි. ගල මැදින් වතුර මතුවීමත් සමග බොහෝ පිරිස් එහි ඇදී ආහ. ජල හඟයෙන් පීඩා විඳින කුරුණෑගලට ද මේ ජලය බවුසර්වලින් රැගෙන යයි.