කෑගල්ල රඹුක්කන මාර්ගයේ පින්නවල වෙලේකඩේ අසලදී කැබ්රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටීමෙන් දෙදෙනකු එම ස්ථානයේදීම මිය ගිය අතර බරපතල තුවාල ලැබූ තවත් හත් දෙනෙක් රඹුක්කන දිසා රෝහලට සහ කෑගල්ල මහ රෝහලට ඇතුළු කරනු ලැබූහ.
මාලඹේ ප්‍රදේශයේ සිට වතුර බෝතල් අලෙවිය සඳහා යමින් සිටි කැබ් රථයක් සහ හතරලියද්ද සඳබෝව ප්‍රදේශයේ සිට පාදුක්කේ ගෙටගෙවැදීමකට සහභාගීවීමට ගිය පිරිසක් මේ අනතුරට ලක් වූහ.