පින්නවල අලින්ට ජලභීතිකා එන්නත්


පින්නවල අලි ඇතුන් ජලභීතිකා රෝගයෙන් මුදා ගැනීමට ජලභීතිකා එන්නත් දීම අද ඇරැඹිණි.  පිස්සු මුගටියන්, නරියන්, බල්ලන් හා බළලුන්ගෙන් අලි ඇතුනට ජලභීතිකාව බෝවිය හැකි යැයි ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ සභාපති පශු වෛද්‍ය ඒ.ඩී. නිමල් චන්ද්‍රසිරි මහතා කියයි. ගැබිනි කෙනරුන් හා මාස නවයට අඩු සියලු අලි ඇතුනට එන්නතදීමට නියමිතය. පින්නවල අලි 34 දෙනෙක් ද කොනරු 51 දෙනෙක්ද සිටිති.