පිනට දුන් ගවයා ලිපේ


මසට මැරීම සඳහා රැගෙන යද්දී පලා ගිය බව කියන ගවයකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා කටුගස්තොට කළුවානේදී  පුද්ගලයෙකුට  හදා ගැනීම සඳහා පිනට දී තිබියදී වසරකට පමණ පසුව ඔහු නැවත එම ගවයා මසට විකිණීමේ සිද්ධියක් පිළිබඳව කටුගස්තොට පොලීසිය පරීක්ෂණ පවත්වයි පොලිසිය පවසන්නේ මේ වන විට එම ගවයා මස් කරන්නට ඇති බවට සාක්කි ඇති බවයි.