පිටුවහල් කළ සීයකගෙන් ප්‍රශ්න කිරීම අරඹයි


ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල්කැර ඕස්ට්‍රේලියා ගුවන් හමුදා යානයකින් එරට ආගමන, විගමන හා පොලිස් ආරක්ෂාව මැද කටුනායකට ගෙන ආ ශ්‍රී ලංකිකයන් සිව්දෙනාගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කිරීම ඇරැඹීය. එරටින් එකවර පිටුවහල් කැරුණු වැඩිම කණ්ඩායම මෙම කන්ඩායමයි. ඔවුහු සියලුදෙනාම මීගමුව, හලාවත, වෙන්නප්පුව, කලුතර, වාද්දූව, මග්ගොන, මාතර, තිස්සමහාරාමය, තංගල්ල, හම්බන්තොට ප්‍රදේශවල පදිංචි සිංහල පිරිමි වෙති. මීගමුව, හලාවත, මාතර, බේරුවල හා මිරිස්ස මුහුදුදෙන් ඕස්ට්‍රේලියාවට සංකමණය වී සිටියදී අත්අඩංගුවට පත් විය.