පිටුවහල් කළ අය අතර වරෙන්තුකරුවෝත්


ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරනු ලැබ කටුනායකින් දිවයිනට ආ 14දෙනාගෙන් කිහිප දෙනෙකු තංගල්ල පොලීසියට බාර දීමට නියමිතය. එම පිරිසේ කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා තංගල්ල උසාවියෙන් වරෙන්තු නිකුත් කර ඇතැයි කටුනායක ආරංචිමාර්ග කියයි. ඒ අනුව මේ පිරිස රැගෙන යාමට තංගල්ල පොලීසිය කටුනායකට එයි.