පිටකොටුවේ රත්‍රන් ව්‍යාපාර හාන්සි වෙලා


(රංජන් කස්තුරි)

රත්‍රන් සඳහා අය කරන අධික වැට් බදු හේතුවෙන් මෙරට ස්වර්ණාභරන වෙළඳපොල සියයට 75 කින් පමණ කඩා වැටී ඇතැයි පිටකොටුව ස්වර්ණාභරණ වෙ‍ඳ‍ෙල් හිමියෝ චෝදනා කරති.

මේ වන විට රජය රත්‍රන් සඳහා සහ වැඩ කුලී සඳහා සියයට 18 ක වැට් බද්දක් අය කරන අතර එම හේතුවෙන් මේ වනවිට රත්‍රන් පවුමක මිල රුපියල් ලක්ෂ හතර ඉක්මවා ගොස් ඇතැයි ද වෙළෙදසැල් හිමියෝ පෙන්වා දෙති.

ස්ව ර් ණා භරණ සඳහා අය කරන සියයට 18 වැට් බද්ද සහ සියයට දෙකහමාරක සමාජ ආරක්ෂණ බද්ද හේතුවෙන් රන් පවුමකට බදු වශයෙන් රුපියල් 82 000 ක පමණ අධික මුදලක් ගෙවීමට සිදුවී ඇතැයිද එම බදුබර පාරිභෝගිකයා මත පැටවෙන බවද ස්ව ර් ණාභරණ වෙ‍ෙළඳසැල් හිමියෝ කියති.

මේ නිසා ශ්‍රී ලංකාවේ ස්ව ර් ණාභරණ වෙ‍ෙළඳපොල සම්පූ ර් ණයෙන්ම පාහේ දිනෙන් දින කඩා වැටෙමින් තිබෙන අතර එමඟින් රජයට විශාල බදු ආදායමක් අහිමි වෙමින් තිබෙන බවද ඔහු කියති.

මේ රට ස්වර්ණාභරණ වෙ‍ෙළඳපොල ශක්තිමත්ව පවත්වාගෙන යමින් සහ පාරිභෝගිකයාට සහන සලසමින් රජයට වැඩි බදු ආදායමක් අය කර ගත හැකි වන්නේ ස්වර්ණාභරණ සදහා වැට් බදු අය කරන ක්‍රමවේදය සංශෝධනය කිරීමෙන් පමණක් බවද ස්වර්ණාභරණ වෙළෙදසල් හිමියෝ පවසති.