පෑලියගොඩ පොලිසියේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි


(නිමන්ති රණසිංහ)

පේරාදෙණිය විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ කළ සයිටම් විරෝධී පාගමන සිකුරාදා(4) පෑලියගොඩින් කොළඹට ඇතුළුවීම තහනම් කරන ලෙස පෑලියගොඩ පොලිසිය කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද(2) ප්‍රතික්ෂේප කළාය.

මහජන සාමය කඩවන සහ මහජනයාගේ දෛනික කටයුතුවලට බාධාවන පරිදි මෙම පෙළපාළිය පෑලියගොඩ ප්‍රදේශයෙන් කොළඹට ඇතුළුවීම වළකාලමින් 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන පනතේ 106(01) වගන්ති ප්‍රකාරව තහනම් නියෝගය නිකුත් කරන්නැයි පොලිසිය ඉල්ලා තිබිණි.

මහජන සාමය කඩවන පරිද්දෙන් උද්ඝෝෂකයින් කටයුතු කළහොත් අපරාධ නඩු විධාන පනතේ 95(1) වගන්තිය අනුව කටයුතු කරන ලෙස අධිකරණය පොලිසියට දැන්වීය.