පැවති රජය සමයේ බිඳ වැටුණු ජපන් සබඳතා ගැන ජනපති කනගාටුව පළකරයි


 

(අංජුල මහික වීරරත්න)

පැවැති රජය විසින් ජපාන ආයෝජන කිහිපයක් අවලංගු කිරීම සමඟ බිඳ වැටුණු ජපන් ශ්‍රී ලංකා සබඳතා පිළිබඳ කණගාටුව පළ කරන බව මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ විදේශ අමාත්‍යවරයා හමුවේ පැවසීය.

එමෙන්ම එලෙස අවලංගු වූ ලංකාවට වඩාත් අත්‍යාවශ්‍ය එම ව්‍යාපෘති නැවත වතාවක් ආරම්භ කිරීමට තම රජය අපෙක්ෂා කරන  බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා තවදුරටත් පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ජපාන ආයෝජන බලාපොරොත්තු වන බවය.