පැරීසිය තෛපොංගල් සමරයි


අතීතයේ සිට අපේ ගොවියන් වපුරා නෙළා ගත් අස්වනු ප‍්‍රථමයෙන් බුදුන් හා දෙවියන් උදෙසා පුද පූජා පවත්වා ඉන්පසු සදහා ප‍්‍රයෝජනයට ගනී. ලාංකික සංස්කෘතියට අනුව නෙළා ගත් අස්වනු පූජා සදහා යොදා ගන්නා විශේෂ අවස්ථා විවිධ ප‍්‍රදේශ ඇසුරෙන් විවිධ නම් වලින් හැදින්වෙයි.

එය අලුත් සහල් මංගල්‍යය , මුරුතැන් පූජාව ආදි ලෙස අපේ වහරට එකතු වේ. ඒ හා සමානව දෙමළ ජාතිකයන් විසින් උත්කර්ෂවත් ලෙස පවත්වන එම පූජාව තෛපොංගල් ලෙස හඳුන්වනු ලැබේ.

දමිල වහරට අනුව වර්ෂයේ ප‍්‍රථම මාසය තෛ ලෙස හැදින්වෙයි.තමන් විසින් පිසින ලද කිරිබත් පොංගල් ලෙස හඳුන්වනු ලැබේ.

ඒ අනුව වර්ෂයේ ප‍්‍රථම මාසයේ දෙවියන් උදෙසා කිරිබත් පූජා කරන විශේෂ උත්සවය දෙමළ වහරට තෛපොංගල් ලෙස හඳුන්වන අතරම එය දෙමළ ජනතාව අතර ඉතාමත් ජනප‍්‍රිය වූත් පූජනීය ලෙස සලකන උතුම් වූ දේව පූජාවකි.

ප‍්‍රංශයේ වෙසෙන දෙමළ ජනතාව එම උත්සවය ජනවාරි මස 14 වැනිදා ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුනාරත්න හඟවත්ත මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදි පැවැත්විණි.

සියලූ දෙනා එකමුතුව එක රටක්  එකම ජාතියක් ලෙස ජීවත් වීමට නව වසරේ ආශිර්වාද කරන අතරම එලෙස ජීවත්වීම අද යුගයේ විශේෂ අවශ්‍යතාවයක් බවත් එය එසේ වීමට මෙලෙස සියලූම ශ්‍රී ලාංකිකයන් එකමුතුව ක‍්‍රියා කරනවා දැකීම සතුටට කරුණක් බවත් එම බැඳීම එකම ජාතියක් ලෙස සහෝදරත්වයෙන් අපි සියළු දෙනා එක්සිත්ව ශක්තිමත් කලයුතු බවත් එය අපේ වගකීමක් බවද එදින එකම දේශනය කළ ගරු තානාපති මහාචාර්ය  හඟවත්ත කීවේය.

පැරිස් ධම්ම චක්ක දහම් පාසැලේ ආචාර්ය හා තානාපති කාර්යාලයේ සෝමපාල විජේසිංහ මහතා විසින් එතුමාගේ දේශනය දමිල බසට පරිවර්තනය කළේය.