පැරිස් විහාරයට නව ස්ථුපයක්


ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයන්ගේ ආධාරයෙන් පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකළ නව ස්ථුපය නිරාවරණය කිරීමේ පිංකම විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක  පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි.

පැරිසියේ පදිංචි ශ්‍රී ලාංකික මෙන්ම විවිධ ජාතික බෞද්ධ සැදැහැවතුන් බොහෝ පිරිසක් ඊට සහභාගී වුහ.

පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කර වසර 25 ක් ගතවීම නිමිත්තෙන් පැවැත්වූ අනුස්මරණයේ විශේෂ අංගයක් ලෙස පැවති මෙම පිංකමට  පැරිස් නුවර ජේතවන විහාරාධිපති ප්‍රංශයේ අධිකරණ සංඝ නායක  මුරුන්ගගස්යායේ ඥානිස්සර , කොන්ගස්දෙනියේ ආනන්ද නා හිමිවරු ද වේපතඉර හේමාලෝක, අතපත්තුකන්දේ ආනන්ද, මාපලගම බුද්ධසිරි, රඹුක්වැල්ලේ නන්දාරාම, වෙලිපිටියේ රත්නසිරි සහ ප්‍රංශයේ වැඩසිටින, මාපලගම ජිනානන්ද, කෙම්පනේ අනුරුද්ධ හිමිවරුන් ඇතුළු මහාසංඝරත්නය සහභාගී වුහ.

IMG_0964-[1600x1200] IMG_0978-[1600x1200]---Copie IMG_1027-[1600x1200]---Copie IMG_1034-[1600x1200] IMG_1041-[1600x1200]---Copie IMG_1051-[1600x1200] IMG_1119-[1600x1200]