ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුනාරත්න හඟවත්ත පැරීසියේ ශ්‍රී ලාංකික සංවිධාන හා විවිධ ක‍්‍රියාධරයන් රැස්කොට රැස්වීමක් පවත්වා; තානාපති කාර්යාලය හා මහජනයා අතර සිදුවෙන දෛනික කටයුතු විධිමත් ලෙස පිළිසකර පවත්වාගෙන යෑමටපියවර ගත්තේය.
ඒ සදහා වැඩ පිළිවෙළක්ද ඔහු විසින් සභා ගත කැරිණි. කාර්යක්ෂමව වැඩ කටයුතු කිරීමට සුදුසු ඉඩ පහසුකම් ඇති නව තානාපති ගොඩනැගිල්ලක අවශ්‍යයතාවය හා ඒ සදහා සුදුසු ගොඩනැගිල්ලක ඇති වටිනාකමද එතුමා පැහැදිලි කළේය.
මේ වනතුරු එවැනි ගොඩනැගිලි වෙනසක් සිදු නොවුනද; මහජන කටයුතු ප‍්‍රමාදයක් ඇති නොවන ලෙසට සිදුකර දීමට සුදුසු කාල සටහනක් මහජන දැන ගැනීම පිණිස තානාපති කාර්යාලය විසින් පසුගියදා එළි දැක්විණි.
මහජන කටයුතු සිදුකර දෙන වේලාවන් පහත දැක්වෙන ලෙස වෙනස්වී ඇති බව ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
තානාපති කාර්යාලයයේ නව කාල සටහන පහත දැක්වේ.