පැරිස් ගණ දෙවි පෙරහරට මහ සෙනඟ


හින්දු භක්තිකයන්ගේ ගෞරවාදරයට හා පුජනීයත්වයට පත් ගණ දෙවියන් උදෙසා සිදු කරන විශේෂ ගණ දෙවි පෙරහර 18 වැනි වසරටත්  මෙවරද  පැරීසියේ දි මහා ජනකායකගේ සහාභාගිත්වයෙන් පැවැත්විණි.

පැරීසියේ හින්දු භක්තිකයන් අතරින් වැඩි ප‍්‍රතිශතය හිමි වන්නේ ශ්‍රී ලාංකික දෙමළ ජනතාවටය. පැරීසියේ නගර කලාප විස්සෙන් හතරක්ම මෙම ගණදෙවි උත්සවයට සම්බන්ධ වේ.

පෙරහර නැරඹීමට එන විදේශිකයන්ගේ සංඛ්‍යාවද බොහෝය. සිසිල් පැන්, බත් දන්සල්, සංගීත උත්සව කෙසෙල් කැන් ආදීය පෙරහර මග දකින්නට ලැබේ. පැරීසියේ හා ඉන් පිටත හින්දු කෝවිල් මුලික කොට සිදුවන මෙම පෙරහර උදේ 10 සිට සවස 06 දක්වා ඉහත කලාප හතරේ සංචාරය කරයි.