(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම, මොරගල්ල ප්‍රදේශයේදී 23 හැවිරිදි තරුණියක පැහැරගෙන මෝටර් රථයකින් රැගෙන ගිය තරුණයක් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය කියයි.
මෙම තරුණිය පැහැර ගැනීමට යොදාගත් නිල් පැහැති හොන්ඩා සෙට්ල් වර්ගයේ රුපියල් ලක්ෂ 70 ක් පමණ වටිනා මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අලුත්ගම සහ මොරගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 28 සහ 21 වයස්වල පුද්ගලයන් බව පොලීසිය කීය.
ප්‍රේම සම්බන්ධතාවයක් බිඳවැටී ඇතිවූ සිත්තැවුලක් මත ඊයේ (12) රාත්‍රී පැහැරගැනීම කර ඇතැයි පොලීසිය පවසයි.
තරුණිය කාලවේල යක්වත්ත ප්‍රදේශයේ නිවසකට රැගෙන යමින් සිටියදී පොලිසිය ඔවුන් පසුපස හඹාගොස් සොයාගෙන ප්‍රතිකාර සඳහා අලුත්ගම රෝහලට ඇතුළු කර අනතුරුව එම තරුණිය රාත්‍රියේම මව්පියන්ට භාරදී ඇති බව ඇතැයි අලුත්ගම පැවසීය.

