(යොහාන් භාසුර)
පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව හෙට (18) සිට 21 වැනිදා දක්වා දින හතරක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (17) පස්වරුවේ පැවසීය.
ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක ද, විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා කීය.

