පැය 48 නීතියට එරෙහිව ජවිපෙ මන්ත්‍රී උසාවි යයි


සැකකරුවකු පැය 48ක් පොලිසියේ රඳවා ගෙන ප්‍රශ්න කිරීම ඇතුළු සංශෝධන කිහිපයක් සහිත අපරාධ නඩු විධාන සංග්‍රහයේ (විශේෂ විධි විධාන) පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට පටහැනි බවත්, එය සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයකින් හා ජනමත  විචාරණයක් පැවැත්විය යුතු බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර මහතා අද (17) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කෙළේය. නීතිපති මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම් කරනු ලැබ ඇත.පසුගිය 11 වැනි දා මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත්  කැර ඇත.