(යොහාන් භාසුර)
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව හෙට (9) මේ මස 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (8) පස්වරුවේ පැවසීය.
ඒ අනුව ඉදිරි දින හතක් පැය 3 ක් විදුලිය කප්පාදු කරන බවත් ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දිවා කාලයේ පැයයි මිනිත්තු 40 ක් ද, රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් ද, ලෙස විදුලිය කප්පාදු කරන බවත් රත්නායක මහතා කීය.
කොළඹ නගර ද අයත් ‘සීසී’ කාණ්ඩයට පෙරවරු 6.00 සිට පෙරවරු 8.30 දක්වා පැය 2 යි විනාඩි 30 ක් ද (9, 10 13 යන දින හැර), එම්,එන්,ඕ,එක්ස්,වයි සහ ඉසෙඩ් යන කළාපවලට අළුයම 5.30 සිට පෙරවරු 8.30 දක්වා පැය 3 ක් ද (9, 10 13 යන දින හැර), විදුලි කප්පාදු කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා වැඩි දුරටත් කීය.