පැමිණිලි විභාගයට ගිහින් වැඩ තහනම් කර ගනී


ළමා අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට මොරගහහේන යහලකැලේවත්තට ගිය පොලිස් සැරයන්වරයකු ද, කොස්තාපල්වරුන් දෙදෙනෙකු ද, සිවිල් ආරක්ෂක බලකා සෙබළෙකු ද බීමතින් සිටි බව කියමින් වැඩ තහනම් කළ බව පොලීසිය කියයි. ඔවුන් හා ගැමියන් අතර ඇතිවූ ගැටුමකදී පොලීසියේ තිදෙනෙක් ද, කාන්තාවන් ඇතුළු ගැමියෝ හයදෙනෙක් ද රෝහල් ගත කරනු ලැබ සිටිති.