පැඟිරි තෙල් ගාගන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි


(රංජන් කස්තුරි)

රෝහල්වල ප්‍රතිකාර ලබන ඩෙංගු උණ රෝගීන්ට සහ රෝහල් කාර්ය මණ්ඩලයට පැඟිරි තෙල් ශරීරයේ ගල්වා ගන්නැයි සෞඛ්‍ය අමාත්‍යශංය උපදෙස් ලබා දී තිබේ.

මදුරුවන් දෂ්ඨ කිරීම වළක්වාලීමේ පියවරක් ලෙස ඩෙංගු උණ රෝගීන්ටත් ඔවුන් ළඟ සිටින ඥාතීන්ටත් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයටත් මෙලෙස උපදෙස් දී ඇත.

මේ අතර දරුවන්ට,පාසැල් සිසුන්ට හා අනෙකුත් පිරිස්වලට දහවල් කාලයේ හැකි හැමවිටම පැඟිරි තෙල් හෝ වෙනත් විකර්ශකයක් භාවිත කරන්නැයි ඉල්ලා සිටින බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.