පාසල් මල්ලවපොර ශූරතාව මීගමුව හරිස්චන්ද්‍ර විදුහලට


සමස්ත ලංකා ජාතික පාසල් මල්ලව පොර තරගාවලියේ දී (2012) ශූරතාව දිනා ගැනීමට මීගමුව හරිශ්චන්ද්‍ර ජාතික පාසලේ මල්ලව පොර කණ්ඩායම සමත් විය. තරගාවලියට පාසල් 40 ක මල්ලවපොර කණ්ඩායම් සහභාගි වූහ. තරගාවලිය කොළඹ ක‍්‍රීඩා අමාත්‍යංශ ක‍්‍රීඩාගාරයේදී පැවැත්විණි. ජයග‍්‍රාහී මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසල් මල්ලවපොර කණ්ඩායම ඉදිරි පෙළ වමේ සිට - එම්.එම්. සුනෙත් ජීවන්ත, ජී.ඒ. සමන් රොෂාන් පෙරේරා. පසු පෙළ වමේ සිට - එම්. රුමේෂ් මධුසංඛ විජේලාල්, කේ. රවිදු ඉෂාර ලක්මිත, බී.බී. නිරෝධ ප‍්‍රාර්ථන සෙනෙවිරත්න, ලක්ෂාන් පේ‍්‍රම් කෞෂල්‍ය මල්ලවාආරච්චි, ඊ. චතුර ශ්‍රී දේවක, එස්.ඒ. ගීත් සඳරුවන් සහ කේ.ඒ. අකිල මධුරංග.