පාසල් කැකුල තැලූ ‘සංගීත ගුරා හිරේ’


පාසල් දැරිය සිය නිල නිවෙසේදී කෙළෙසූ සංගීත ගුරුවරයකුට මොනරාගල මහාධිකරණ විනිසුරු ගිහාන් එච්. කුලතුංග මහතා අට වසරක අනිවාර්ය සිරදඬුවම් නියම කෙළේය. මොනරාගල රාජකීය විදුහලේ හිටපු සංගීත ගුරු කේ.ඒ. රෝහණ පෙරේරාට රුපියල් විසි පන්දහසක දඩයක්ද නියම විය. දැරියට රුපියල් තුන් ලක්‍ෂයක වන්දි ගෙවන ලෙස නියමවිය. දඩය හා වන්දි නොගෙවතොත් තවත් වසර දහසයකින් සිරදඬුවම වැඩිවේ.