පාසල් 200 කට අතහිත


‘සියක් සිප්සල්‘ ව්‍යාපෘතිය යටතේ    කොළඹ සිට මොණරාගල දක්වා  වූ   දුෂ්කර පාසැල් 200 ක්  තෝරාගෙන සංවර්ධනය  කරන බව ජර්මනියේ හැම්බර්ග් නුවර පැවති  ජාත්‍යන්තර සිංහ සමාජ 96 වෙනි සම්මේලනයේදී  306 ඒ2  සිංහ දිස්ත්‍රික්කයේ නව සිංහාධිපති ලෙස  දිවුරුම් දී දිවයිනට පැමිණි  මෙල්වින්  ජෝන්ස් සම්මාන ලාභී අසංග සමරසේකර මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද පැවසීය.

මේ ස‍++දහා රජය සමග ඉදිරියේදී අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් කොට අධ්‍යාපන අමාත්‍යංශය සම එක්ව මෙම පාසැල් සංවර්ධනය කිරීම කඩිනමින් අරඹන බවද ඒ මහතා කීය.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ  පැමිණීමේ පර්යන්තයේදී  දිවයිනට පැමිණි නව සිංහාධිපති අසංග සමරසේකර මහතාව 306 ඒ 2 සිංහ දිස්ත‍්‍රික්කයේ උප සභාපති  අර්ජුන් අබේසිංහ මහතා ඇතුළු නිලදාරීන් විසින් මල් දම් පළදවා ඉතා උනුසුම් අන්දමින් පිළිගනු ලැබූහ.