ගාල්ල හිනිදුම,මොරවක, වැල්ලවාය මොනරාගල,සීගිරිය, දඹුල්ල හා අනුරාධපුර යන ප්‍රදේශවල ඉතා දුෂ්කර තෝරාගත් ප්‍රාථමික විදුහල් දහයකට වැසිකිළි 20 ක් සාදා නිමවා පරිත්‍යාග කිරීම, ස්විට්සර්ලන්තයේ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ ආචාර්ය තවලම ධම්මික නාහිමියන්ගේ මග පෙන්වීමෙන් පසුගියදා සිදු විය.
ස්විට්සර්ලන්තයේ මුවාරි කොරියන් බෞද්ධ විහාරයේ මුජිම් සුනිම් භික්ෂුණීවහන්සේගේ පාලනය යටතේ ක්‍රියාත්මකවන ඩග්ලස් ඒ කැම්බෙල් පදනමේ අනුග්‍රහයෙන් ලද මූල්‍යමය සම්පාදනයෙන් ඉදිකළ මෙම සත්කාරක ව්‍යාපෘතිය, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන ඝංඝ නායක හබරකඩ ඉන්ද්‍රරතන නාහිමිඋපදෙස් පරිදි, එප්පල සෝරත මාහිමියන්ගේ සංවිධානයෙන් සාර්ථකව සිදුවිය.
වීරපාන ජනපද විද්‍යාලය, ඕපාත සල්ගහවල ජනපද විදුහල,හල්විටිගල ජනපද විදුහල,උඩුගම ගල්ලන්දල ප්‍රාථමික විදුහල,දේවාලෙගම ප්‍රාථමික විදුහල,වැල්ලවාය කුඩාඔය ප්‍රාථමික විදුහල,මොනරාගල වැල්ලවාය පැල්වත්ත ප්‍රාථමික විදුහල,සීගිරීය උඩවෙලගම ප්‍රාථමික විදුහල,සීගිරිය දයකැපිල්ල ප්‍රාථමික විදුහල,සීගිරිය කුඩාඔය ප්‍රාථමිකවිදුහල,දඹුල්ල අනුරාධපුර සුචරිතගම ප්‍රාථමික විදුහල යන විදුහල් වලට මෙම පරිත්‍යාගය ලැබිණි.
මෙම විදුහල්වල සියළු සිසුන්ට හා ගුරුවරුන්ට සංකේතාත්මක තිළිණයක්
පිරිනැමීමද එම භික්ෂුණිය අතින් සිදු විය. වැලිවිටියේ සොරත හිමි,විදුහල්පති ශාන්ත කමල්,විශ්‍රාමික ආචාර්ය වරුන් වන අර්.ආර් හෙරත්, සී.සමරවික්‍රම යන මහත්වරු ඒ ඒ ප්‍රදේශ නියෝජනය කරමින් ව්‍යාපෘතියේ කටයුතු කළමණාකරණය කළහ.